පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා රට තුළ ඇතිවූ යහපාලනය සැමරීම සඳහා ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දෙහිඅත්තකණ්ඩියේ සිට කොළඹ දක්වා පාපැදි සවාරියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ මස 08 වැනිදා සහ 09 වැනිදා යන දෙදින තුළ මෙම පාපැදි සවාරිය පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, එහි පළමු අදියර දෙහිඅත්තකණ්ඩියේ සිට මාතලේ දක්වාත්, දෙවැනි අදියර මාතලේ සිට කොළඹ විහාර මහා දේවි උද්‍යානය දක්වාත් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ලංකාවේ පාපැදි ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයන් 150කට අධික පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිත අතර, ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග සහ සමරු තිළිණ ලබාදීමටද නියමිතය.
ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය දයා ගමගේ මහතාගේ උපදෙස් මත පෞද්ගලික ව්‍යාපාර ආයතන 03 ක මූල්‍යමය අනුග්‍රහය මත පැවැත්වෙන මෙම පාපැදි සවාරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පදිංචි දිස්ත්‍රික්කය වන පොළොන්නරු දිස්ත්‍රික්කය හරහා ගමන් කරවීමටද සැලසුම් කර ඇතැයි අමාත්‍ය දයා ගමගේ මහතා කියා සිටියේය.