දැඩි සත්කාර ඒකකයේ ප්රථිකාර ලබමින් සිටින යහපාලන රෝගියාගේ එන්නත් නාළිකා ගලවා දැමීමට පාලිත රංගේ බණ්ඩාර , වසන්ත සේනානායක වැනි ඇමතිවරුන් උත්සාහ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඉතා නුදුරේදීම යහපාලන ලෙඩාගේ අවසන් කටයුතුවලට සියලු දෙනාටම සහභාගි වීමට අවස්ථාව ලැබෙනු ඇතැයිද මන්ත්රීවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, “රැඩිකල් වෙනසක් ගැන ආණ්ඩුවේ නායකයන් කතා කළාට යහපාලන ලෙඩා මෙඩිකල් අරගෙන අයිසීයූ එකේ ලෙඩෙක් බවට පත්වෙලා. අද බට දාලා, කෘත්රිම ස්වසනය ලබාදෙන මොළය මැරුණු ලෙඩෙක්ගේ තත්ත්වයට එය පත්වෙලා තිබෙනවා. අවයව ටික විතරක් වැඩ කරනවා. මේ අයිසීයූ එකේ ඉන්න යහපාලන ලෙඩාගේ බට ටික ගලවන්න වසන්ත සේනානායක, රංගේ බණ්ඩාර වැනි ඇමතිවරු ලෑස්තිවෙලා ඉන්නවා.
ඒ අය දැඩි සත්කාර ඒකකයේ ඉන්න යහපාලන ලෙඩාගේ බට ටික ගැලෙව්වාම යහපාලන ලෙඩා අවසන් ගමන් යනවා.මම හිතන්නේ මේ යහපාලන ආණ්ඩුව වැඩි කාලක් පවතින්නේ නැහැ. අපි සෑම දෙනාට ළඟදීම යහපාලන ලෙඩාගේ අවසන් කටයුතුවලට සහභාගිවෙන්න ලැබේවි.“ යනුවෙන් පවසා සිටියේය.