ඉන්දියාවේ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ගෝපිනාත් මුන්ඩේ මහතා දිල්ලි නගරයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
බලධාරීන් පෙන්වා දෙන පරිදි මුන්ඩේ මහතා සිය ප්‍රාන්තය වූ මහාරාශ්ට්ර වෙත යෑමට ගුවන්තොටු පොළ කරා යමින් සිටියදී ඔහු ගමන්ගත් මෝටර් රථය තවත් රථයක් සමග ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන පරිදි අමාත්‍යවරයා රෝහලට ඇතුළත් කරන විටත් ඔහුගේ ශ්වසන පද්ධතිය නැවතී තිබී ඇති අතර, හෘදයද අක්‍රීයව පැවතී ඇත.
පසුගිය සතියේ දිවුරුම් දුන් ඉන්දීය නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලයේ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස ගෝපිනාත් මුන්ඩේ මහතා දිවුරුම් දුන්නේය.