“මට තියෙන්නෙ මොළයෙන් භාගයයි. ජනතාව මම හමුවන විට ඔවුන්ට ඒ ගැන අදහසක් නෑ.” මේ සිය මොළයෙන් අර්ධයක් සහිතව ජීවත්වන ජොඩී සිය කතාව ආරම්භ කළ ආකාරයයි.
ජොඩීගේ පවුලේ උදවිය ඇයට වයස තුන වන තෙක්ම ඇයට කිසිදු ගැටලුවක් ඇති බව නොදනී. එක් දිනයකදී ඇය නොසිතූ ආකාරය ඇද වැටිණි.
“මට හොඳටම මතකයි මට හදිසි ආබාධයක් (ක්ලාන්තයක්) හැදුණු දවස. ඒ වනවිට මම දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ක්‍රීඩා කරමින් සිටියෙ. ඊට පස්සෙ මම සිටියේ ගිලන් රථයක.”
“අපි ඇයව රෝහලට රැගෙන ගියා. ඉන් පසුවත් ඇය පසු දිනයේදී හදිසි ආබාධයක් ඇතිවුණා.” යැයි පවසන්නේ ජොඩීගේ මවය.
ජොඩී බොහෝ අවස්ථාවලදී සිය වම් ඇළයට වෙන්නට වැටීමට පටන් ගනී. ඒ අනුව ඇයගේ සමීපතයන්ට සෑම අවස්ථාවකදීම ඇයගේ වම් පැත්තට වී සිටීමට සිදුවෙයි.
“මට විනාඩි තුනකට සැරයක් මෙවැනි ආබාධ ඇතිවෙන්න පටන් ගත්තා. එය හොඳ දෙයක් නෙමෙයි”
ඒ අනුව ඇයට වැලඳී තිබුණේ Rasmussen’s encephalitis නැමැති දුර්ලභ රෝගී තත්ත්වයයි. මෙම රෝගී තත්ත්වයෙන් මොළයේ එක් අර්ධයකට ගැටලුවක් ඇතිකෙරේ.
මෙයට ප්‍රතිකාර ලෙස වෛද්‍යවරුන් පවසා ඇත්තේ මොළයේ කොටසක් ඉවත් කළ යුතු බවයි. ඒ අනුව ඇයගේ මොළයේ දකුණු පැත්ත ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කරන්නේ වම් පැත්තෙන් අනෙකුත් කාර්යයන් පාලනය කිරීමට ඉඩ ලබාදෙමිනි.
“කුඩා කාලයේදී මොළය තිබෙන්නෙ වර්ධන අවධියේ. ඒ අවස්ථාවේදී අප මෙය සිදුකළ හොත් මොළයට නැවතත් සංවිධානය වෙන්න අවස්ථාවක් තිබෙනවා.” යනුවෙන් ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරු පවසති.
ඒ අනුව ඇයට වසර තුනේදී මෙම ශල්‍යකර්මය සිදුකරයි. ඇයගේ ශල්‍යකර්මය සාර්ථක වූ අතර ඇයට ක්ලාන්තය දැමීම අවසන් විය.
ශල්‍යකර්මයෙන් පසුව ඇයගේ වම් අතේ චලනයන් තරමක් දුරට සීම වී ඇති අතර වම් පාදයේ තරමක කොරයක්ද ඇතිව තිබේ.
“මම බොහෝම ධනාත්මක පුද්ගලයෙක්. මම සෑම අවස්ථාවකදීම විහිළු කරනවා. මොළයෙන් භාගයක් තිබුණත් මම අනෙක් අය වගේමයි. මම දැන් විවාහ වී වසර හතරයි. මේ ගැන මම මගේ දෙමව්පියන්ට ණය ගැතියි. නියම අවස්ථාවේදී ශල්‍යකර්මය සිදුනොවුණානම් මගේ ජීවිතය මේ ආකාරයෙන් දිගු නොවන්න තිබුණා” යැයි ඇය පවසා සිටියාය.