ජාත්‍යයන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මොහමඩ් සිද්ධික් අද (16දා) ප්‍රථම වතාවට කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. ඒ ඔහුට එරෙහිව පවරා ඇති හෙරොයින් ජාවරම් කිරීමේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදීය.
පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් ඇතුළු පොලිස් නිළධාරීන්ගේ විශේෂ ආරකෂාව මධ්‍යයේ බන්ධනාගාර නිළධාරීන් විසින් සිද්ධික් නමැත්තා අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔහුට එරෙහි නඩුව ලබන වසරේ මැයි මස 10 වැනිදා සිට විභාග කිරීමටත් ඒ දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය තීරණය කළාය.