ඌව පළාත් සභා මැතිවරණයට අදාළව මොනරාගල දිස්ත්රික්කය තුළ ක්රියාත්මකවන භීෂණකාරී තත්ත්වය මත නාම යෝජනා බාරදීම් සිදුවූ මේ මස 06 වැනිදා සිට මේ දක්වා කාලයේදී පක්ෂ ප්රචාරක කාර්යාල 33 ක් විනාශයට පත්වී ඇත.
මේ අනුව ජනතා විමුක්ති පෙරමුණට අයත් ප්රචාරක කාර්යාල 18 ක්, එක්සත් ජාතික පක්ෂයට අයත් ප්රචාරක කාර්යාලය 14ක් සහ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ එක් කාර්යාලයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂ මොනරාගල දිස්ත්රික් අපේක්ෂක තිස්ස කුට්ටිආරච්චි මහතාගේ ප්රචාරක කාර්යාලයට පහරදී විනාශ කිරීමෙන් පක්ෂ කාර්යාලවලට පහරදී විනාශ කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.