හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වත්මන් රජය මගින් නිල නිවාසයක් ලබාදී ඇති බවද, මේ වනවිට එහි අලුත්වැඩියා කටයුතු සිදුවන බැවින් ඒවා සිදුකර මහින්ද රාජපක්ෂ මහතාට නිවාසය භාරදීමට සූදානම් බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනධිපති ඩී.බී. විජයතුංග මහතා භාවිත කළ නිවස තම නිල නිවස ලෙස භාවිත කිරීමට තෝරාගෙන ඇති අතර, මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා සිටින නිවසයි.