ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිවම තරග කරනවා සේම පත්වන පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්නේද තනිවම බවත්, ඉදිරි මැතිවරණයේදී කිසිදු පක්ෂයකට තනි බලයක් ලබාගැනීමට හැකියාවක් නොලැබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුවත් කරනු ලැබුවේ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ කඩේ බඩු විෂ සහිත බවත්, පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්රීපාල සිරිසේන මහතාගේ කඩේ බඩු ෂුවර් නොමැති බවත් යැයිද එම පක්ෂයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුවත් කරනුයේ මෛත්රීපාල සිරිසේන මහතාගේ කඩේ බඩු ෂුවර් නොමැති බව සහ හවුල් ආණ්ඩුව එක්ව ගෙවී ගිය මාස කිහිපය තුළ පවත්වාගෙන ගිය කඩයේ බඩුත් ෂුවර් නොමැති බව යැයි පවසා සිටියේය.