එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුරට ඉමිතියාස් බාකීර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර වැනි ක්රියාකාරී අයෙකු පත්කරන්නැයි හිටපු පළාත් සභා මන්ත්රීවරුන් වන නීතිඥ ශිරාල් ලක්තිලක හා නීතිඥ මෛත්රී ගුණරත්න යන මහත්වරු එ.ජා. පක්ෂයෙන් ඉල්ලා සිටිති.
තිස්ස අත්තනායක මහතා පක්ෂයෙන් ඉවත් වුවද සිරිකොත එක පූස් පැටියෙකු හෝ ඔහු සමග නොයන බවත්, කුන්ඩසාල ආසනයේ එක කුරුල්ලෙකු හෝ හඬන්නේ නොමැති බවත් ඔවුහු පැවසූහ.