මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීම සම්බන්ධව මැතිවරණයට පෙර සිටම තම පාර්ශ්වය ප්‍රකාශ කළ බවත් ජනතාවට වූ පොරොන්දුවක් ලෙස එය ස්ථාපිත කළ බවත්, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ පිළිබඳව විවිධ පාර්ශ්වයන් නගන චෝදනා අර්ථ විරහිත බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සම්බන්ධයෙන් අදාළ නීතිරීති පිළිබඳව ඉදිරීයේදී සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍යවරයා කැබිනට් හමුවේදී ප්‍රකාශ කළ බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (14දා) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය.
"මැතිවරණයට කලින් අපි මුලු ලංකාවේම සමීක්ෂණයක් කළා. ඒ අනුව ජනතාවගෙන් 12% පමණ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ කතා කළේ 87% වඩා වැඩි ප්‍රමාණයක් කිව්වේ වංචාව, දූෂණය, පවුල් වාදය දුරලන්න,ජීවන වියදම අඩුකරන්න කියලා තමයි මිනිස්සු ප්‍රකාශ කළේ. අපි ඒ දේවල් කරනවා කියපු නිසා තමයි හිටපු අය පැරදුණේ.
දැන් මේ සිද්ධ වෙන්නේ අපි කියපු දේවල් මහා පරිමාණ මූල්‍ය වංචා විභාග කිරීමට අපි විශේෂ කමිටුවක් පිහිටුවනවා කියලා කිවුවා. මේ කියපු දේවල් තමයි සිද්ධවෙන්නේ." යැයි පවසා සිටියේය.