රාජ්‍ය, මුදල් සහ තවත් විෂයන් දහසයකට අදාළව පාර්ලිමේන්තු කමිටු ආරම්භ කරන බවත්, ඒවා සියල්ලෙහි සභාපතිත්වය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ අටවැනි දිනයේ ආරම්භ කරමින් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.
ඉදිරි වසරේදී එය ආරම්භ කරන බවත්, රටට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරන බවද අගමැතිවරයා සඳහන් කළේය.
ඉදිරි වසරේදී මේ සියල්ලට අයත් පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අගමැතිවරයා වැඩිදුරටත් කීය.