ගිනිකොණදිග දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් මාතර සිට හම්බන්තොට හා පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (22දා) පෙරවරුවේ නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමටද හැකි බවයි.
ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.