ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සියලුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ගේ විශේෂ රැස්වීමක් මේ වනවිට මහනුවර ඕක්රේ හෝටලයේදී පැවැත්වෙමින් තිබේ .
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක සහ අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහාය දැක්විය යුත්තේ කුමන අපේක්ෂකයාටද යන්න පිළිබඳව මහජන නියෝජිතයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් සිටිති.
මෙම රැස්වීමට සහභාගී වී සිටින මහජන නියෝජිතයන් සියලු දෙනා අවධාරණය කරන්නේ කිසිදු කොන්දේසියක් නොමැතිව එක් පාර්ශ්වයකට සහාය දීම ගැන දෙවරක් කල්පනා කළ යුතු බවයි .
කෙසේ නමුත් අද (14දා) පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයකට නොඑළඹෙනු ඇති බවත්, ඒ සඳහා තවත් දින දෙක තුනක පමණ කාලයක් ගතවනු ඇති බවත් මුස්ලිම් කොංග්‍රසයේ උසස් නිලධාරියෙක් සුළු මොහොතකට පෙර ‘අද’ට කීය.
හාරිස්පත්තුවේ- මොහොමඩ් ආසික්