(UPDATE) 11.20 A.M. මීරියබැද්ද නාය යෑමෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් කටයුතු විනාඩි 15කට නවතා තිබේ. ඒ ඊයේ මෙන්ම ජලපහරක් මතුවීම හේතුවෙනි. මෙම ජල පහර හේතුවෙන් සෝදිසි මෙහෙයුම් සිදුකරන ප්රදේශය තවදුරටත් නාය යා හැකි බැවින් ආරක්ෂිත ක්රියාමාර්ගයක් ලෙස මෙහෙයුම් තාවකාලිකව නවත්වා තිබේ.
මීරියබැද්ද වතුයායේ නාය යෑමෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් කටයුතු ඊයේ (04දා) අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව නිමා කිරීමෙන් පසුව අද දිනයේදී නැවතත් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් මේ දක්වා මළ සිරුරක් හමුව නොමැත. දැනට පවතින කාලගුණ තත්ත්වය මෙහෙයුම් කටයුතු සඳහා බාධාකාරී නොවේ.
එස්.පී. නානායක්කාර/ පාලිත ආරියවංශ