මීගලෑවේ දිනිඳු යශේන් දරුවා පැහැරගැනීමට ලක්කළ පුද්ගලයන්ට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර දුරකථන සිම් කාඩ්පත් ලබාදුන් පුද්ගලයා පිළිබඳව සියලුම තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවත්, එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ජාවාරම්කරුවන් සතුව සිම් කාඩ්පත් 07 ක් තිබූ බවත්, එම සිම් කාඩ්පතක් පිටකොටුවේ නාටාමි කෙනෙකුගේ නමට ලියාපදිංචි කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එම සිම් කාඩ්පත් නිකුත්කළ පුද්ගලයා මීටපෙර සිම් කාඩ්පත් ලබාගත් පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් කර ජාවාරම්කරුවන්ට සිම් කාඩ්පත් ලබා දී තිබෙන බවට හෙළි වී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය. ව්‍යාජ තොරතුරු මත සිම් කාඩ්පත් නිකුත්කළ පුද්ගලයාට එරෙහිව වරදක් කිරීමට අනුබල දීම යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු සඳහන් කළේය. දරුවා පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධව බන්දුල සඳකැළුම්, සනත් චතුරංග, දිනේෂ් ප්‍රියසාද්, සංජීව විජේකෝන් යන සැකකරුවන් හතරදෙනා මේ මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ. දිනුඳු දරුවා මෙම බිහිසුණු සිදුවීම අමතක කරමින් තම යහළුවන් හා පවුලේ අය සමග සතුටින් සිටින බව දැකගත හැකි විය.
ඉන්දික හේවාවිතාරණ/ ගල්ගමුව සංජීව රත්නායක