මීගමුව පොලිස් මෙහෙයුමෙන් 124ක් අත්අඩංගුවට
- 13 03 2017
- 17:21
- {{hitsCtrl.values.hits}} views
- . .
මීගමුව පොලිස් කොට්ඨාසයේ පසුගිය දින අලුයම සිදුකළ විශේෂ වැටලීමකදී සැකපිට පුද්ගලයන් 124ක් අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ස්ත්‍රීදූෂණ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 02ක්‚ වරෙන්තුකරුවන් 20ක්‚ මත්ද්‍රව්‍ය සමග 05ක් හා සැකපිට පුද්ගලයන් 97දෙනෙකුද මේ පිරිස අතර වන බව පොලීසිය සඳහන් කරයි.
මෙම විශේෂ මෙහෙයුම සදහා මීගමුව, කොච්චිකඩේ, කටාන, කොටදෙණියාව, දිවුලපිටිය, කටුනායක, සීදුව, රද්දොළුව, පමුණුගම යන පොලිස් ස්ථානයන්හි නිලධාරින් 323 දෙනෙකු සහභාගි වි ඇති අතර, මෙම මෙහෙයුම් කාලය තුළදී රථවාහන 951ක් සහ පුද්ගලයන් 498 දෙනෙකු පරීක්ෂාවට ලක්කළ බව මීගමුව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සීදුව - ප්‍රසාද් මුතුකුඩ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
