ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හා මිහින් ලංකා ගුවන් සමාගමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රුපියල් බිලියන 15 ක් පමණ වටිනාකමින් යුත් තෙල් ණයට ලබා දී ඇති අතර, එම ණය මුදලින් 50% ක් පමණ හෝ අප්‍රේල් මස 15 වැනිදාට පෙර නොගවන්නේ නම් අදාළ සමාගම් සඳහා එදිනෙන් පසු තෙල් ලබාදීම අත්හිටුවීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.
හිඟ මුදල් ගෙවීමට අදාළ සමාගම් වෙත මේ වනවිටත් දැනුම් දී ඇතැයිද ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 13.5 ක් හා මිහින් ලංකා සමාගම රුපියල් බිලයන 1.5 ක් තෙල් සංස්ථාවට ණය වී තිබේ.
මෙම සමාගම් අධික ලෙස ඛනිජ තෙල් සංස්ථාවට ණය වීම හේතුවෙන් එම සමාගම විසින් ජනතාවට ලබාදීමට අපේක්ෂිත සහන ලබාදීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයිද, සංස්ථාව පාඩු ලැබීමට මෙවැනි ක්‍රියා බලපා ඇතැයිද ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.