මිලියන 7 ක කුඩු අල්ලයි
- 18 06 2014
- 13:42
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික මනෝජ්
ගල්කිස්ස හා අවට ප්රදේශ රැසකට මහා පරිමාණයෙන් හෙරොයින් බෙදාහරින ලද ප්රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවෙකු හා ඔහුගේ හෙරොයින් බෙදාහරින ලද තවත් පුද්ගලයන් සිවුදෙනෙකු ගල්කිස්ස පොලීසිය විසින් පෙරේදා (17දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු ගල්කිස්ස බඩොවිට ප්රදේශයේ පදිංචි අතර, අනිකුත් සැකකරුවන් කඳාන, කොටහේන, මෝදර යන ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ළඟ තිබී හෙරොයින් ග්රෑම් 580යි මිලිග්රෑම් 500ක් සොයාගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් තොගයේ වටිනාකම ලක්ෂ 70 ඉක්මවන බව පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
