රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 20 ක් රට ඉඳි අස්සේ සගවාගෙන සෞදි අරාබියේ ජෙඩා නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (15දා) අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ අම්පාර, කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෝ බවත් ඔවුහු සතියකට හතර වතාවක් පමණ සෞදි අරාබිය හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කරන බවත් විමර්ශණ වලදී අනාවරණය වී ඇත. අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් 20 හි බර කිලෝ ග්‍රෑම් එක හමාරකි.