මිරිස්ස ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට ෆයිසර්ගේ විරෝධය
මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති ව්‍යාපාරික ස්ථාන අනවසර යැයි පවසමින් අත්තනෝමතික ලෙස කඩා ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරුද්ධ වන බව පළාත් සභා සහ පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ප්‍රකාශ කරයි.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධක්ෂ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ මැයි මස 01 වැනිදා සිට මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති අනවසර ව්‍යාපාර ස්ථාන ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකරන බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ෆයිසර් මුස්තෆා මහතා කියා සිටින්නේ වෙරළ තීරයේ ඇති යම් කිසි ඉදිකිරීමක් අනවසර නම් එය ඉවත් කළ යුතු බවත් වෙනත් අරමුණු වෙනුවෙන් මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ව්‍යාපාර පවත්වාගෙන යන කුඩා ව්‍යාපාරිකයන්ට ගැටලුවක් ඇති කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි.
මේ සම්බන්ධයෙන් ජනතා පාර්ශ්වයෙන්ද කරුණු සොයා බලා අදාළ තීන්දු ගන්නා ලෙස අදාළ බලධාරීන් දනුවන් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


