මිනිස් ජාවාරම්කරුවන් විසින් මහ මුහුදේ අතරමං කළ ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් මාසයක පමණ කාලයක් මහමුහුදේ පාවෙමින් තිබී අන්දමන් දූපත් සමූහය වෙත ළඟා වී ඇතැයි වාර්තාවේ.
මිනිස් ජාවාරම්කරුවන් විසින් ඔස්ට්‍රේලියාව වෙත යවන බව පවසා මෙම ශ්‍රී ලාංකිකයන් පිරිසේ එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ තුන දක්වා මුදල් අය කරගෙන තිබේ. ඔවුන් මීට මාසයකට පමණ ඉහතදී යාත්‍රාවට නංවා ඇත්තේ මඩකලපුව ප්‍රදේශයෙනි.