ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සිටියදී මෛත්‍රිපාල සිරිසේන මහතා මීට වසරකට පෙර ලංකා විදුලි බලමණ්ඩලයේ මෑන්පවර් සේවකයන්ට ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් සේවකයන් 2344 දෙනෙකුට අද (17දා) ස්ථිර පත්වීම් ලබා දුන්නේය.
2014 වසරේ දෙසැම්බර් 17 වැනිදා පෙරවරු 10.30ට විදුලිබල මණ්ඩලය ඉදිරිපිටදී මෑන්පවර් සේවකයන් පැවත්වූ උද්ඝෝෂණයට පැමිණ මෛත්‍රිපාල සිරිසේන මහතා පොරොන්දුවක් ලබාදෙමින් කියා සිටියේ තමා ජනාධිපති වූ විට අනියම් හා ආදේශක සේවකයන් සියලු දෙනා ස්ථිර කරන බවයි.
ඒ අනුව යමින් පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයකදී ඉන් සේවකයන් කොටසකට අද දිනයේදි ස්ථිර පත්වීම් ලිපි ලබාදුන් අතර, ඉතිරි පිරිසට සුදුසුකම් සලකා බලා පත්වීම් ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්තී අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප-ඉසුරු පෙරේරා