බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ප්‍රථම බරපතල ප්රචණ්ඩ ක්‍රියාව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කැෆේ සංවිධානය පවසයි.
ඊයේ (6) නාමයෝජනා දීමන් අනතුරුව හම්බන්තොට දිස්ත්‍රික් එ.ජ.නි.ස. අපේක්ෂක ඩී.වී. උපුල්ගේ ආධාරකරුවන් පිරිසක් විසින් හම්බන්තොට එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතම ආධාරකරුවන් දෙදෙනෙකුට පහර දී ඇති අතර ඔවුන් දෙදෙනා මේ වනවිට රෝහල් ගත කර ඇති බව කැෆේ වැඩිදුරටත් පෙන්වා දෙයි.
මිද්දෙනිය කාරියමඩිත්ත දිසා රෝහල අසල ඩී.ඩී. උපුල් මහතාට අයත් පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමට සිදු කරන අතර මෙම පහරදීම සිදු කොට ඇති බවත්, එ.ජා.ප. හිතවතුන් වන පියසේන ඒකනායක සහ වී.කේ. ජගත් කුමාර යන අය මෙම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී එ.ජ.නි.ස. අපේක්ෂකයින් තමන්ට පහර දුන් බව කැෆේ සංවිධානය වෙත යොමු කළ පැමිණිල්ලේ දැක්වෙන බවත් කියැවෙයි.
පහර කෑමට ලක්වූ වී.කේ. ජගත් කුමාර මේ වනවිට කොළඹ ඇස්රෝහලේ ප්‍රතිකාර ලබන අතර පියසේන ඒකනායක ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවද කියැවෙයි.