අද (25දා) දින වනවිට බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ සිදුවීම් 354 ක් ලැබී ඇති බව කැෆේ සංවිධානය පවසයි.
සුපුරුදු පරිදි වැඩිම සිදුවීම් ප්රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම අගය 213කි. මහජන දේපළ අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන්ද පැමිණිලි 137 ක් වාර්තා වී තිබෙන බවද ඔවුහු පවසති.
දකුණු පළාතෙන් මැතිවරණ නීති උල්ලංඝනයට අදාළ සිදුවීම් 111 ක් සහ පළාත් දෙකටම පොදුවේ පැමිණිලි 111 ක් ලැබී ඇතැයි ඔවුහු පෙන්වාදෙති.