මැතිවරණ කොමිෂන් සභාව සඳහා මධ්‍යගත නවීන තාක්ෂණික දත්ත කළමනාකරණ පද්ධතියක් මේවසරේ පිහිටුවීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 31.8ක මුදලක් වැයකිරීමටත් රජය සූදනම්වේ. මේතුළින් ස්ථාන කිහිපයක ලියාපදිංචිවීම වළක්වා ලීම, දිස්ත්‍රික් මට්ටමෙන් වෙන වෙනම දත්ත පද්ධති පවත්වාගෙන යාමේදී දැරීමට සිදුවන අධික පිරිවැය අඩු කිරීම, දත්තවල ආරක්ෂාව සහතික කිරීම යන කරුණු සහතික කෙරේ.
ඡන්දහිමි නාමලේඛනයේ දත්ත, දිස්ත්‍රික් මට්ටමින් පරිගණකගත කිරීමේ කටයුතු 1995 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර එය තවදුරටත් වැඩිදියුණු කර ස්වයංක්‍රීය ඡන්දහිමි නාමලේඛන පද්ධතියක් සඳහා වූ ක්‍රමවේදයක් 2006 වර්ෂයේදී හඳුන්වා දෙන ලදී.
එම ක්‍රමවේදය යටතේ ඇති වන ගැටලුවලට පිළියම් යොදමින් නවීන තාක්ෂණය යොදාගෙන මධ්‍යගත දත්ත කළමනාකරණ පද්ධතියක් සකස් කිරීම සුදුසු බව හඳුනාගෙන ඇත.
මේසඳහා වන යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩල අනුමැතියඳ හිමිව තිබේ