ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළව දැනුම් දිය යුතු නිරීක්ෂණ හෝ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ස්ථාපිත ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය හෙට (20දා) පෙරවරු 06.30 සිට ක්‍රියාත්මක වන බවත්, බදුල්ල දිස්ත්‍රික්කයට අදාළ පැමිණිලි දුරකථන අංක 0112877622 සහ මොනරාගල දිස්ත්‍රික්කයට අදාළ පැමිණිලි, දුරකථන අංක 0112877623 වෙත යොමු කළ හැකි බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
ඌව පළාත් සභා ඡන්ද විමසීම සඳහා සියලු කටයුතු සූදානම් බවත්, අපේක්ෂක ප්රචාරක දැන්වීම්, පටිගත කළ පණිවුඩ හෝ කෙටි පණිවුඩ ලෙස දුරකථන ජාල ඔස්සේ යැවීමෙන් වළකින ලෙසට ස්ථාවර හා ජංගම දුරකථන සේවා සපයන සමාගම් වෙත මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දී ඇති බවත්, ඡන්ද විමසීම අවසන් වනතෙක් කිසිදු ආකාරයක මැතිවරණ ප්රචාරක කටයුත්තක නිරත වීම නීති විරෝධි බවත් මැතිවරණ මහලේකම් කාර්යාලය දන්වා සිටියි.