මාවනැල්ල උතුවන්කන්ද ප්රදේශයේදි ලංගම බසයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව මාවනැල්ල පොලීසිය පවසයි.
අද ( 22දා) උදෑසන 7 ට පමණ මාවනැල්ල නගරයේ සිට අත්තනගොඩ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් හා කොළඹ සිට පැමිණි මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත. මෙම අනතුරෙන් මෝටර් රථයේ ගමන් කර තිදෙනෙක් බරපතල තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර අනෙක් තුවාලකරුවන් මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
.gif)
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර