උපන්ගෙයි බොරුවක් වූ මාලඹේ පෞද්ගලික වෛද්‍ය ආයතනය අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව මේ මස 27 වැනිදා සිට අරගලයක් ආරම්භ කරන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය සඳහන් කරයි.
බහුතරයක් දෙනා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙසට ඉල්ලා ඉල්ලීම් කරමින් සිටින බවත්, ශිෂ්‍ය ව්‍යාපාරය අරගලයක්ද දියත් කර තිබෙන බවද අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ නිසා වෛද්‍ය ශිෂ්‍යයන් ශිෂ්‍ය ක්‍රියාකාරීන් එක්ව විරෝධතා රැලි මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, මෙහි පළමු රැලිය මේ මස 27 වැනිදා නුගේගොඩ නගරයේදී පැවැත්වෙන බවද පවසා සිටියේය.
මේ මස 29 වැනිදා ගාල්ල නගරයේදීත් අගෝස්තු 02 වැනි දින මහනුවර නගරයේදීත්, 08 වැනි දින අනුරාධපුර නගරයේදීත් විරෝධතා රැලි පත්වන බවද හෙතෙම අවධාරණය කළේය.