මාලදිවයින් හිටපු ජනපති අබ්දුල් ගයුම් මහතා සහ එම මහත්මිය ඊයේ (16දා) දිවයිනට පැමිණියහ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් හිටපු මාලදිවයින් ජනපතිවරයා පිළිගනු ලැබීය.
එසේම පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා එළඹෙන 26 වැනිදා පැවැත්වීමට නියමිත පොදුරද මඬුලු දින විශේෂ උත්සවයක් සඳහාද ගයුම් මහතා විශේෂ අමුත්තෙක් වශයෙන් සහභාගීවීමට නියමිතය.