පැෆරල් සංවිධානය සහ සිවිල් සංවිධාන එකමුතුවෙන් එළිදක්වන ලද මාර්තු 12 ප්රකාශනයෙහි අන්තර්ගත නිර්ණායක, ඊට අත්සන් තබන ලද දේශපාලන පක්ෂවලට අනුගමනය කරන ලෙසට ඉල්ලමින් මල්වතු මහා නාහිමිපාණන් වහන්සේ හා අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේ එයට අත්සන් තැබූහ.
උන්වහන්සේලා වෙත මාර්තු 12 ප්රකාශනය පිළිගැන්වීම හා අත්සන් ලබාගැනීමේ අවස්ථාව සඳහා පැෆරල් විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.