ලංගම බස් රථ රියදුරන් විසින් සිදුකරන අත්තනෝමතික ධාවන ක්රමයට විරෝධය පා අළුත්ගම, කළුතර, මතුගම බස් සමාගම් විසින් මාර්ග 03 ක ආරම්භ කළ වැඩ වර්ජනය මේ වනවිට මාර්ග 06 ක් දක්වා පැතිර ගොස් තිබේ.
මේ නිසා මාතර, ගාල්ල, කළුතර, මතුගම, අලුත්ගම, අම්බලන්ගොඩ, ප්රදේශවල සිට කොළඹට පැමිණෙන සියලුම බස් රථ ධාවන සිදුනොකරණ අතර, මේ නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවද වාර්තා වේ.