මානව හිමිකම් පිළිබඳව මෙරට ජනතාව දැනුවත් කිරීමට සහ එල්.එල්.ආර්.සී. වාර්තාව අනුව කටයුතු කිරීමට රජය ක්රියා කරන බවට එක්සත්ජාතීන්ගේ මානවහිමිකම් කොමිසමට කරුණු දැක්වීම සඳහා වාර්තාවක් පිළියෙළ කරගෙන යන බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්රතිභා මහානාමහේවා මහතා පැවසීය.
එළඹෙන මාර්තු සැසිවාරයේදී ඒ පිළිබඳව ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් විමසීමට ඉඩ ඇතැයි කොමසාරිස්වරයා පෙන්වා දෙයි.ශ්රී ලාංකිකයන්ට මානව හිමිකම් ක්ෂේත්රය සම්බන්ධව දැනුමක් හා අවබෝධයක් ලබාදීමට පසුගිය කාලය පුරා ක්රියා කළ බවද හෙතෙම කියා සිටියේය.