පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණීමට පෙර තමන් මාධ්‍යයෙන් දුටු දේ සම්පූර්ණයෙන්ම වෙනස් බවත් පසුගිය මාස 8දී පවා ශ්‍රී ලංකාවේ වෙනසක් සිදුව තිබෙන බවත් දිවයිනට පැමිණ තිබෙන ටැන්සානියා විදෙස් ඇමති බර්නාඩ් කේ. මෙම්බේ මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පැවැසූ බව ජනපති මාධ්‍ය ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේය.
එසේම අන්තර්ජාතික වේදිකාවේදී සිය රටේ සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට හිමිවන බවත් ටැන්සානියා විදේස් ඇමති පවසා තිබේ. ජනපතිවරයාගේ හා ටැන්සානියා විදෙස් ඇමතිගේ සාකච්ඡාව අරලියගහ මන්දිරයේදි පැවැත්විය.