පෙබරවාරි 12 වැනිදා ආරම්භවීමට නියමිත ඉන්දියානු ප්රිමියර් ලීග තරගාවලියේ ක්රීඩක වෙන්දේසියේදී වැඩිම මූලික මිලක් නියම වූ ක්රීඩකයන් අතරට ශ්රී ලංකාවේ මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිවුස් හා තිලකරත්න ඩිල්ෂාන් ඇතුළත්ව සිටිති.
මොවුන් සඳහා ඉන්දීය රුපියල් කෝටි 2 (රුපියල් කෝටි 4.14) මිලක් නියම වී ඇත.
ක්රීඩකයන් 31 දෙනෙකුට ඉන්දීය කෝටි දෙකකට අධික මිලක් නියම වී ඇති අතර, මෙවර ක්රීඩක වෙන්දේසිය සඳහා ඉන්දියානු හා වෙනත් ක්රිකට් ක්රීඩකයෝ 233 දෙනෙකු ඇතුළත් වෙති.
වෙන්දේසිය සඳහා කුමාර් සංගක්කාර මෙන්ම දිනේෂ් චන්දිමාල්ගේ නම් ඇතුළත් නොවන අතර, ශ්රී ලංකා ක්රීඩකයෝ 39 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත්වීමට නියමිතය.