හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකු ගැන හා කොටි සංවිධානයේ හිටපු ප්‍රභලයෙකු ගැන බුද්ධි අංශ අවධානය යොමුව තිබේ.
මොවුන් කිසියම් මොහොතක දිවයිනෙන් පිටත්වයාමට නියමිත අතර එය වැළැක්වීමට බුද්ධි අංශ අවධානය යොමු කර තිබේ.
ගුවන්තොටින් නිල වශයෙන් මෙන්ම නොනිල වශයෙන් දිවයිනෙන් පිටත්ව යා හැකි අතර මේ දක්වා ඔවුන් නිල වශයෙන් දිවයිනෙන් පිටත්ව නොමැත.
කෙසේ වෙතත් නොනිල වශයෙන් දිවයිනෙන් පිටත්ව ඇත්දැයි තහවුරුවක් නැත.
නොනිල වශයෙන් යාමේදී රටින් පිටවීම සඳහා විදෙස් ගමන් බලපත්‍රයට අවශ්‍ය අවසරය රහසිගතව ලබා දෙන බවත්, ඔවුන් රහසිගතව ගුවන් යානයට රැගෙන යන බවත් වාර්තා වෙයි.