ජනාධිපති ධුරය දරන සමයේ තමා කළ ඇතැම් දේවල් වැරදි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් අද (04දා) ප්රකාශ කළේය. එබැවින් එම වැරදි නොකරන ලෙස හෙතෙම මන්ත්රීවරුන්ට දැන්වීය.
එමෙන්ම සංහිඳියාව යනු දෙමළ ඩයස්පෝරාව ඉල්ලන ඉල්ලන දේ දීම නොවන බවත්, දෙමළ සැකකරුවන් නිදහස් කිරීම පිළිබඳව නැවත සිතාබලන ලෙසත් රාජපක්ෂ මහතා ආණ්ඩුවට පැවසීය.
අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පාර්ලිමේන්තුවට නොපැමිණීම පිළිබඳව පසුගිය දිනවලදී මහින්ද රාජපක්ෂ මන්ත්රීවරයාට විවිධ පාර්ශ්ව චෝදනා කළහ.
මහින්ද රාජපක්ෂ මහතාට අද (04දා) දිවා ආහාර විවේකයෙන් පසු පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාව ලැබූ අතර, පස්වරු 1.30ට පමණ හෙතෙම සිය කතාව ආරම්භ කළේය.