හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා ක්‍රියාත්මක වැඩසටහන්වලට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගි නොවන්නේ ඇයි දැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රශ්න කරයි.
ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කළ යුතුයි කියන අදහසේ මම සිටිනවා. මම හිටපු ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය ගැනත් කණගාටු වෙනවා. එතුමා දෙසැරයක් ජනාධිපති වුණා. තුන්වැනි සැරේ බහුතර මහජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා දැන් එතුමා නිහඬව සිට පක්ෂය මෙහෙය වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාව ලබා දිය යුතුයි.
අද එක්සත් ජනතා නිදහස් සංධානය සමග එක්ව සිටින කුඩා පක්ෂවල අයට මහමැතිවරණයකදී තනිවම තරග කරලා පාර්ලිමේන්තුවට ඒමේ හැකියාවක් නැහැ. ඔවුන් තමයි හිටපු ජනාධිපති පෙරට දාලා යළිත් බලයට ඒමට උත්සාහ කරන්නේ. ඉතාම වැදගත් දේ තමයි නාමල් රාජපක්ෂ මේ වේදිකාවලට නඟින්නේ නැහැ. හිටපු ජනාධිපතිතුමා බලයට ගෙන ඒමේ කිසිම දෙයකට ඔහු සහභාගි වෙන්නේ නැහැ. යැයිද අර්ජුන රණතුංග මහතා පැවසීය.