මහාභාරකාර දෙපාර්තමේන්තුවේ පසුගිය කාල පරිච්ඡේදයේදී සිදුවී ඇතැයි කියන රුපියල් මිලියන 370කට ආසන්න මූල්‍ය අක්රමකතා සොයා බැලීමට වහාම පියවර ගන්නා බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
මහාභාරකාර දෙපාර්තමේන්තුවේ පසුගිය කාලපරිච්ඡේදයේදී රුපියල් මිලියන 370කට ආසන්න මුල්‍ය අක්‍රමිකතා විගණන පරීක්ෂණ වලින් හඳුනාගෙන තිබේ.
මහාභාරකාර පනතේ විධිවිධාන වලට පටහැනිව සිදු කර ඇති මෙම මුල්‍ය අක්‍රමිකතා සියල්ල සොයා බලා ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව අධිරකණ අමාත්‍යාංශය නිවේදනයකින් කියයි.