බෙංගාල බොක්ක ප්‍ර‘දේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය ප්‍ර‘දේශයට ආසන්නයේ ස්ථානගතවී තිබෙන නිසා අද (16දා) දිනය තුළත් බොහෝ ප්‍ර‘දේශවලට මිලි මීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගෙවී ගිය දින කිහිපය පුරා දිස්ත්‍රික්ක 09 කට ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 7530 කට අයත් පුද්ගලයන් 26984 ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම පිරිසෙන් පවුල් 685 කට අයත් පුද්ගලයන් 2134 ක් ආරක්ෂිත කඳවුරු 43 ක රඳවා සිටින බවත්, නිවාස 450 කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබෙන බවද එම මධ්‍යස්ථානය විසින් ඊයේ සවස නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් වේ.
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා දිවයිනේ ජලාශ 22 ක් වාන් දමමින් තිබෙන බවත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම කුඩා ජල මූලාශ වාන් දමමින් තිබෙන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා වැව් 05 කට වැඩි ප්‍රමාණයක් කැඩී ගොස් තිබෙන බවද වාර්තාවේ.
පවතින අධික වැසි තත්ත්වය නිසා නුවරඑළිය, බදුල්ල, පුත්තලම, ගම්පහ, ත්‍රිකුණාමලය, මාතලේ, යාපනය, කිලිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික්කවල මාර්ග රැසක් ජලයෙන් යටවී තිබීම නිසා ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබුණි. ජලයෙන් යටවී තිබෙන මාර්ගවල ගමන් කිරීමේදී තිරිංග දෝෂ ඇති විය හැකි නිසා සහ වළවල් හෑරී තිබීමට හැකි නිසා එම මාර්ගවල ගමන් කිරීමේදී ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස පොලිස් මූලස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව කඳු ආශ්රිත මාර්ගවල ගමන් කරන්නන්, පස් කඳු කඩාවැටීම්, ගල්පෙරළීම් හා මීදුම ඇතිවීම් පිළිබඳව සහ අධික වැසි ඇති වන අවස්ථාවේදී වංගු හරහා යෑමේදී ඉදිරියෙන් සහ පසු පසින් ගමන් ගන්නා වාහන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. අපදාවන්ට ලක්වී ඇති සියලුම ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ආපදාවන්ට ලක්වූ ප්‍ර‘දේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය උපදෙස් ලබාදුන් බව ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පැවසීය. ආපදා තත්ත්වයකදී භාවිත කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට රජයෙන් මුදල් ලබාදී තිබෙන බවත්, මීට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ පිළිබඳව වාර්තා අමාත්‍යාංශයට භාර දෙන ලෙසටත් දන්වා සිටි බවද ඔහු පවසා සිටියේය.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානි වූ නිවාස පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසටත්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවත්, අදාළ වාර්තා ලැබුණු පසු මහා භාණ්ඩාගාරයට යොමු කර නිවාස හා දේපළ හානි සඳහා ජනතාවට පහසුකම් සලසන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
බෙංගාල බොක්ක ප්‍ර‘දේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය ප්‍ර‘දේශයට ආසන්නයෙන් ස්ථානගතවී තිබෙන නිසා දිවයින වටා මුහුදු තීරයන්ට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, මීට අමතරව සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70 ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බවත්, කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. මේ නිසා ධීවරයන් මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත්, රට තුළට ඇති වන වැසි සමග අකුණු ඇතිවිය හැකි නිසා සිදුවන අකුණු අනතුරු වළක්වා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවද ඔහු පවසා සිටියේය. එමෙන්ම කඳු ආශ්රිත ප්‍ර දේශවල ජීවත්වන අය නාය යෑම් පිළිබඳව සැලකිලෙන් පසුවන ලෙස ද දන්වා සිටියි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 103 කට අයත් පුද්ගලයන් 393 ක් ආරක්ෂිත නිවාස 10 ක රඳවා සිටින අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 140 කට අයත් පුද්ගලයෝ 487 දෙනෙක් ආරක්ෂිත නිවාස 12 ක රඳවා සිටිති.
පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1786 කට අයත් පුද්ගලයන් 5731 ක් පීඩාවට පත්ව සිටින අතර, ඉන් පවුල් 6 කට අයත් පුද්ගලයන් 22 ක් ආරක්ෂිත නිවාසයක රඳවා සිටින අතර, මුලතිව් දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පවුල් 887 කට අයත් පුද්ගලයන් 2793 ක් පීඩාවට පත්ව තිබෙන අතර, එම පිරිසෙන් පවුල් 295 කට අයත් පුද්ගලයන් 833 ක් ආරක්ෂිත නිවාස 13 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 811 කට අයත් පුද්ගලයන් 2,712 ක පීඩාවට පත්ව තිබෙන අතර, එම පිරිසෙන් පවුල් 85 කට අයත් පුද්ගලයෝ 209 දෙනෙක් ආරක්ෂිත නිවාස 03 ක රඳවා සිටිති. මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 30 කට අයත් 116 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන අතර, එම පිරිසෙන් පවුල් 05 කට අයත් පුද්ගලයන් 24 දෙනෙකු ආරක්ෂිත නිවාස 03 ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් වේ.
මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 14 කට අයත් පුද්ගලයන් 42 ක් ආරක්ෂිත නිවාසයක රඳවා සිටින අතර, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 1509 කට අයත් පුද්ගලයන් 5946 ක් පීඩාවට පත්ව තිබෙන අතර, එම පිරිසෙන් පවුල් 57 කට අයත් පුදගලයන් 124 ක් ආරක්ෂිත නිවාස 02 ක රඳවා සිටින බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1251 කට අයත් පුද්ගලයන් 5251 පීඩාවට පත්ව තිබෙන අතර, යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 733 කට අයත් පුද්ගලයන් 2686 පීඩාවට පත්ව තිබෙන බවද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.