මහ බැංකු අධිපති අර්ජුණ් මහේන්ද්‍රන් මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශණය අවසන්වන තෙක් ඔහු නිවාඩු යැවීමට කටයුතු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරිමේදී සිදුවූ අක්රමිකතාවය පිළිබඳව අර්ජුණ් මහෙන්ද්‍රන් මහතාට එරෙහිව මේ වන විට පරීක්ෂණයක් පවතී.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17දා) ඉහත අදහස් දැක්වීය.