මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් වසර අගදී
මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වසර අගදී ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. මේ වසරේදී එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 300 ක මුදලක් වැය කිරීමට නියමිතය. ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය රුපියල් මිලියන 12300කි.
මල්වතුඔය ව්‍යාපාරයේ ඉදිකිරීම් සිදු කිරීමට සැලසුම් කර ඇති ආකාරය හා එහි දී ඇති විය හැකි ගැටළු පිළිබඳ විමසා බැලීමට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු අමාත්‍යංශ හා වාරිමාර්ග නිලධාරීන් ලබන 10 සහ 11 යන දෙදින තුළ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක ප්‍රදේශවල නිරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.
මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2020 වසර වන අවසන් කිරීමට නියමිතය. එහි රැස් කිරීමට අපේක්ෂිත ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ හැට හය දහස් හාරසිය දහසයකි.කුඹුරු අක්කර 36 000 ට යල මහ දෙකන්නෙහිම ජලය සැපයීමත් නව වගා බිම් අක්කර 2000 ක් ඇති කිරීමත් මෙහි මූලික අරමුණු අතර වෙයි. අනුරාධපුරය, වව්නියාව හා ති‍්‍රකුණාමලය යන දිස්ති‍්‍රක්ක එකට යා කෙරෙමින් ඉදි කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වන්නේ ප්‍රදේශ ගණනාවක නිරන්තරයෙන් ඇති වන ගංවතුර තත්ත්වයන්ට ස්ථිරසාර විසදුම් ලබා දීමයි.
එමෙන්ම ව්‍යාපෘතියට සමගාමීව ජල විදුලි බලාගාරයක් ඉදි කෙරෙන අතර එමගින් ගිගාවොට් 400 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතය.මල්වතුඔය ව්‍යාපාරයෙන් ලැබෙන තවත් ප්‍රතිලාභයක් වන්නේ පිරිසිදු පානීය ජලය සැපයීමයි.
ව්‍යාපෘතියට සමගාමීව ප්‍රදේශ රැසක මාර්ග පද්ධතිය දියුණු කිරීමට නියමිත අතර තන්තිරිමලේ ප්‍රදේශයේ අංග සම්පූර්ණ නගරයක් ඉදි කිරීමටද නියමිතය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

