ඩුබායි ඉන්ටර්පෝල් පොලීසිය විසින් තමා පරීක්ෂා කිරීමෙන් පසුව තමාට එරෙහිව ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති වීම සහ ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නොතිබීම නිසා තමන් නිදහස් කිරීමට කටයුතු කළ බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සිය ෆේස්බුක් පිටුවට සටහනක් එක්කරමින් පවසයි.
පළාත් පාලන මැතිවරණය අපේක්ෂා කරගෙන අවසන් මෙහොතේදී තමාව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් වැළකුණු බවත්,ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව ජාත්‍යන්තරව වන්දි නඩුවක් පැවරීමට ඉතා සුදුසු අවස්ථාවක් තමන්ට උදාවී ඇති බවත් ඔහු සිය ප්‍රකාශයෙන් වැඩිදුරටත් පවසයි.
පසුගිය 04 වැනිදා හිටපු තානාපතිවරයා ඇමෙරිකාව බලා ගමන් කරමින් සිටින විට ඩුබායි ගුවන් තොටුපොළේදී ඩුබායි ඉන්ටර්පෝල් පොලීසිය භාරයට ගැනිණි.