නව මැතිවරණ ක්රමය යටතේ මැතිවරණයක් පැවැත්වීමේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩි වාසි අත්වන බවත්, එහෙත් තමන් මැතිවරණ ක්රියාවලිය තුළ තවමත් 'ප්රේක්ෂකයෙකු' පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (16 දා) නාරාහේන්පිට අභයාරාමයේදී පැවති උත්සව අවස්ථාවකදීය.
පවතින ක්රමය තුළදී පවා මැතිවරණය ජයග්රහණය කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බාධාවක් නොමැති බව ඔහු එහිදී පැවසීය.
එහෙත් වර්තමාන ආණ්ඩුවට නව ක්රමය සහ පවතින ක්රමය යටතේ ඉදිරි මැතිවරණය ජයග්රහණය කිරීමට නොහැකි බවද ඒ මහතා පවසා සිටියේය.
ආණ්ඩුවට, අගමැතිවරයාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු සම්ප්රදායට අනුව ඉඩ ලබාදිය යුතු බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.