පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන තීරු බදු රහිත වාහන බලපත්‍ර අයථා ලෙස ප්‍රයෝජනයට ගැනීමෙන් රජයට බදු වශයෙන් ලැබිය යුතු මුදල් නොලැබීමෙන් සිදු වන පාඩුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝගයක් ඉල්ලා හිටපු ඉහළ රේගු නිලධාරියෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
රේගු බදු කාර්ය සාධක බළකායේ හිටපු ප්‍රධානී නීතිඥ නාගාලන්ද කොඩිතුවක්කු මහතා මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති, එහි අධ්යක්ෂ ජනරාල්වරිය ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයන් පෙත්සමෙන් වගඋත්තකරුවන් ලෙස නම් කොට ඇත.
රේගු ආඥා පනතට අනුව සීමිත අවස්ථාවන්හිදී පමණක් මුදල් අමාත්‍යවරයාට බදු අයකර ගැනීමේ අවස්ථාවන් ලිහිල් කිරීමට හැකි බවත්, එය ගැසට් පත්‍රයකින් ප්‍රසිද්ධ කළ යුතු බව පෙත්සම්කරු පවසයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන තීරු බදු රහිත වාහන බලපත්‍ර ඔවුන් විවෘත වෙළෙඳ පොළේ විකිණීමට කටයුතු කිරීමෙන් ඔවුන් අනිසි ලෙස ධනය උපයාගැනීමක් සිදුකරන බවත්, ඉන් රජයට විශාල පාඩුවක් වන බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.