එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති තනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
එසේම එම තනතුර සඳහා උෟව පළාත් සභාවේ වැඩිම මනාප ප්‍රමාණයක් ලැබූ හරීන් ප්‍රනාන්දු මහතාගේ නම යෝජනා කරන බවද කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අද (23දා) මන්ත්‍රීවරයා පැවැසීය.
ඌව පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වෙමින් පක්ෂය වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් හරින් ප්‍රනාන්දු මහතා යෝජනා කරන බවද මන්ත්‍රීවරයා පැවැසීය.
රජය කුමක් පැවැසුවද ඌව පළාත් සභා මැතිවරණයේ නියම ජයග්‍රාහකයා එක්සත් ජාතික පක්ෂය බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.