මන්ත්‍රී බන්දුල ගුණවර්ධන හා තමන්ද විවාධයකට සූදානම් බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අද (01 දා) පොළොන්නරුවේදී අමාත්‍යවරයා එසේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා දුන් අභියෝගය බාර ගත්තේය.
ඒ අනුව ගුණවර්ධන මන්ත්‍රීවරයා අභියෝග කළ අමාත්‍යවරුන් දෙදෙනාම (හර්ෂද සිල්වා, රවී කරුණානායක) මේ වන විට එම අභියෝගය බාර ගෙන තිබේ.
"බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා අපිට අභියෝග කරලා තියනවා. මන්ත්රීතුමට මට කියන්න තියෙන්නේ අපි ඇවිල්ලා දවස් 123 කින් ඇති වෙලා තියන ආර්ථික සංවර්ධනය එතුමාගේ කාළෙත් එක්ක සංසන්දනය කරන්න කියලා . 2500 ට කවන්න හදපු මේ මන්ත්‍රීට කියන්න පුළුවන් එකම දේ තමයි, ඒ අවුරුදු 12 ක කාලය තුළ කාපු රට අද දවස් 123කින් ආරක්ෂා කරලා තියනවා කියන එක."