මධ්‍යම පළාත් සභාවේ විපක්ෂනායක රංජිත් අලුවිහාරේ (එ.ජා.ප) මහතාගේ විපක්ෂනායක කාර්යාලයේ අල්මාරියක් තුළ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බවට ඒ මහතා විසින් සභානායකවරයාට පැමිණිලි කර තිබේ.
පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ගොඩනැගිල්ලේ සිවුවැනි මහලේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ අල්මාරියක් තුළ තිබී අතුරුදන් වූ ලිපිගොනුවේ මධ්‍යම පළාත් සභාවේ විපක්ෂනායක ධුරය සඳහා වූ පත්වීම් ලිපියද තිබූ බව ඒ මහතා කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ විපක්ෂ නායකවරයා විසින් කරන ලද පැමිණිල්ලට අනුව අභ්‍යන්තර විමර්ශනයක් සිදුකරන බවයි.