මුළු මහත් ජන සමාජයම විනාශ කරමින් රටේ ජනතාව දරිද්‍රතාවයෙන් පීඩාවට පත් කරන මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම පිළිබඳ ප්‍රබල ජන මතයක් සමාජගත කිරීමට සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
"මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 08 වන අදියර යාපනය දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර අද (09) යාපනයේ එළිමහන් කි‍්‍රඩාංගණයේ දී පැවති එහි ප්‍රධාන වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මතින් නිදහස් රටක්ගොඩනැ ගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් රටත් ජාතියත් වෙනුවෙන් වූ වගකීම ඉටු කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ය.
යුද බියෙන් නිදහස් වූ උතුරේ අද තිබෙන බරපතළම සමාජ උවදුර මත්ද්‍රව්‍ය බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපති සිරිසේන මහතා මෙම උවදුරෙන් එම ජනතාව ගලවා ගැනීමට සියලු දෙනා ඒකරාශී විය යුතු බව ද කියා සිටියේ ය.
2015 වසරේ යාපනය දිස්ති‍්‍රක්කයේ ජනතාව මත්ද්‍රව්‍ය භාවිතය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන දෙදහස් දෙසීය හයකි.
වසරේ මුල සිට මේ දක්වා යාපනයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් තුළින් හසු වූ කේරළ ගංජා ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 194 කි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අතරින් බොහෝ දෙනෙක් වයස අවුරුදු 20 ත් 25 ත් අතර පසුවන්නන්ය.
දැඩි නීති රෙගුලාසි, පනත් ප්‍රතිපත්ති තුළින් පමණක් ජාවාරම්කරුවන් මැඩලිය නොහැකි බව ද පැවසූ ජනාධිපතිවරයා මත්කුඩු ජාවාරම්කරුවන් පිළිබඳව සමාජය තුළ මීට වඩා විවේචන එල්ල වෙනවා නම් එම ජාවාරම් යම් අයුරකින් මැඩ පැවැත්විය හැකි බව ද කියා සිටියේය.