මත්ස්‍ය වර්ග විශාල වශයෙන් වෙළෙඳ පොළ වෙත පැමිණීම හේතුවෙන් මේ දිනවල මසුන් සිල්ලර වෙළෙඳාම මෙන්ම තොග වෙළෙඳාම ආශ්‍රිතවද මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානය පවසයි.
පසුගිය කාලයේ කිලෝවක මිල රුපියල් 2000කට ආසන්නව පැවැති ඉතා මිල අධික මත්ස්‍ය විශේෂයක් වන තෝරා මත්ස්‍ය කිලෝවක මිල පෙරේදා (01දා) වනවිට රුපියල් 850 දක්වා පහළ ගොස් ඇත.
එමෙන්ම, පරව් කිලෝවක මිල රුපියල් 650 ක්, බලයා කිලෝවක මිල රුපියල් 200 ක්, තලපත් කිලෝවක් රුපියල් 580-680 දක්වාත්, හුරුල්ලා කිලෝවක මිල රුපියල් 220 ක්, සාලයා කිලෝවක මිල රුපියල් 60 ක් හා ලින්නා කිලෝවක මිල රුපියල් 140 ක් ලෙසත් පහළ අගයක් ගෙන තිබේ.
කුම්බලා කිලෝවක මිල රුපියල් 180ක්ද, කොප්පරා කිලෝවක මිල රුපියල් 600 දක්වාද පහළ ගොස් ඇති අතර, ටූනා හෙවත් කෙළවල්ලා කිලෝවක මිල රුපියල් 400 ක් වශයෙන්ද පහළ අගයක් ගෙන ඇති බව සඳහන් වේ.