භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කිරීමට අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා අද (25දා) තිරණය කළේය.
නීතිපතිවරයා කරනු ලැබූ ඉල්ලීමක් සලකා බලමින් මෙම විනිසුරු මඬුල්ල පත්කරනු ලැබුවේ අදාළ නඩුවේ ඇති සුවිශේෂීතාවය පිළිබඳව සලකා බලමිනි.
ශිරන් ගුණරත්න, පද්මිණී රණවක හා සී.ඩී.එස්. මොරායස් යන විනිසුරුවරු එයට ඇතුලත් වෙති.
සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් භාරත ලක්ෂ්මන් ඝාතනය සඳහා සැකකරුවන් වී සිටිති.